Wednesday, July 24, 2013

dictionary මොකටද ඉගිය තියෙද්දී

මෙන්න නියම භාණ්ඩයක් ගෙනාවා.හැබැයි මේක ගොඩක් අය භාවිත කරනවා ඇති.ඒත් මේ ගැන දන්නේ නැති භාවිත නොකරන අය වෙනුවෙන් තමයි මේ ගැන  ලියන්න හිතුනේ.මේකත් සුබස භාෂා පර්යේෂණ ආයතනය මගින් තමයි අපිට නොමිලේ බා ගන්න දෙන්නේ. අපිට අන්තර්ජාලයේ සැරිසරන කොට බොහොමයක් ඉංග්‍රිසි වචන වල තේරුම් සොයා ගැනීමේ දී ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නනේ.ඒකට හොදම විසදුමක් තමයි ඉගිය.මේක භාවිත කරනවා නම් තමන්ට තේරුම අවශ්‍ය වචනය උඩින් මවුස් කර්සර් එක තිබ්බහම ඒ ඉංග්‍රිසි වචනයේ සිංහල තේරුම පහසුවෙන්ම පෙන්වා දෙනවා. මේක ඉතාම වටිනා දෙයක්.ඉතින් ඔයාලත් පහත ලින්ක් එකෙන් ගිහින් ෆයර්පොක්ස් වලට මේ ADDONS එක දා ගන්න.ස්තුතියි.ගිහින් එන්නම්.ඔයාලට බලා ගන්න ස්ක්‍රීන් ෂොට් එකකුත් දැම්මා
මෙන්න ලින්ක් එක


No comments:

Post a Comment