Thursday, August 1, 2013

ඔබට නොදැනීම ඔබගේ කම්පියුටර් එකෙනුත් DATA වැය වෙනවාද? මෙන්න විසදුම



අද මම ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට වැදගත් වෙන මෘදුකාංගයක්.මේක ඉතාම වැදගත් වෙන්නේ ඇයි කියලා කිව්වොත් ගොඩක් අය අන්තර්ජාලයට සම්බන්ධ වුණාම අපිට නොදැනීම අපේ DATA වැය වෙලා තියෙනවා. ඒත් අපි දන්නේත් නැහැ කොහොමද පැකේජ්වල ඩේටා භාවිත වුණේ. කොපමණ ප්‍රමාණයක් භාවිත වුණාද කියන එකවත්. ඒක බලන්න කම්පැනි එකට මැසේජ් යව යව ඉන්නත් වෙනවනේ.ඒ වගේ ම අපිට නොදැනීම DATA වැය වෙනවා ද කියන එකත් හොදින් බලාගන්න බැහැ.
නමුත් මම දැන් දෙන්න යන්නේ මේ ගැටලුවට විසදුමක්. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා මේ මෘදුකාංගය.මොකද මේක හරහා අපිට බලාගන්න පුලුවන් අපගේ DATA USAGE එක පරිගණකයෙන්ම. මේ වගේ ගොඩක් මෘදුකාංග සමහරවිට ඔයගොල්ලො භාවිත කරනවාත් ඇති. නමුත් මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනික මේක FREE version එකක් නිසා CRACK කරන්න සීරියල් ගහන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. දිනකට කොපමණ DATA භාවිත කළාද. නැතහොත් මාසයකට කොපමණ භාවිත කළා කියලාත් දැන ගන්න මේකෙන් පුලුවන්.මේකේ අපට අවශ්‍ය දින ගාණට සෙටින්ස් හදාගත්තම හරි.අපිට හැමදේම බලාගන්න පුලුවන්.අනික අපිට අවශ්‍ය නම් මේකේ Portable version එකත් ගන්න පුලුවන්.

 Size: 3.2M 




එහෙම නම් දැන් මේක ගැන විස්තර කළා ඇති මෙන්න ලින්ක් එක දාගෙනම බලන්නකෝ හොදද කියලා

click here .

Friday, July 26, 2013

Face Book cover photo හදාගන්න නියම තැනක්


දැන් මම ඔයාලට කියන්න හදන්නේ පහසුවෙන් ම face book කවර් පොටෝ හදාගන්න තියෙන සයිට් එකක් ගැන. මේ සයිට් එක ගැන මටත් කිව්වේ face book එකේ ම ඉන්න මගේ හොද යාලුවෙක්. මේක ගොඩක් අයට වටිනවා කියලා හිතෙනවා.මොකද ලංකාවේ ගොඩක් ම අය අන්තර්ජාලයට පිවිසෙන්නේ FB යන්න ම නිසා Face book එකේ ලස්සනට තමන්ට කැමති ආකාරයට කවර් පොටෝ නිර්මාණය කරගන්න මේ සයිට් එක හරහා පුලුවන්. තමන්ට කැමති විදියට categories හොඩක් ම තියෙනවා. කැමති විදියට තමන්ගේ නම් එහෙමත් දාලා මේ කවර් පොටෝ හදා ගන්න පුලුවන්. මම මේ උඩින් දාලා තියෙන්නෙත් ඒ සයිට් එකෙන් හදා ගත්ත කවර් පොටෝ එකක්. අනික මේ හැම පොටෝ එකක් ම කවර් පොටෝ එකේ සයිස් එකටම තමයි නිර්මාණය වෙන්නේ. 
එහෙනම් මෙන්න ලින්ක් එක ගිහින් බලන්න. 
සයිට් එක

Thursday, July 25, 2013

මැෂින් එකට පෙන් ගහපු හැටිය හොරෙන්ම කොපි කරන්න




මේ මෘදුකාංගය නම් ඉතාමත් වටිනවා කියලා හිතනවා ගොඩක් අයට මොකද දන්නවා ද?කවුරු හරි තමන්ගේ මැෂින් එකට පෙන් එකක් ගැහුව ගමන් ඒකේ තියෙන දේවල් සියල්ලම හොරෙන් ම තමන්ගේ මැෂින් එකට කොපි කරගන්න මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන්.   ඒත් පොඩ් අවුලකට තියෙන්නේ පෙන් එකේ වෛරස් වගේ දේවල් තිබුණොත් ඒවාත් අපේ මැෂින් එකට කොපි වෙන්න පුලුවන්.ඒක නිසා තියෙන වෛරස් ගාඩ් එකේ Auto Scan වගේ දාලා තියෙනවා නම් ගොඩක් හොදයි.වැඩිය විස්තර කියන්න ඕන නැහැ පහළ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කර ගන්න. නියම භාන්ඩයක් හොරවැඩ කිඩවලට නම්.
Click here

GOOGLE CHROME කී බෝඩ් SHORT CUT


දැන් මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ තවත් වැදගත් වන ෂෝට්කට් කී ටිකක්.අන්තර්ජාලය භාවිත කරන ගොඩක් අය දැන් භාවිත කරන වෙබ් බ්‍රව්සර් එක තමයි GOOGLE CHROME.ඒක නිසා මේ
කී බෝඩ් ෂෝට් කට් ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.


Alt + Home Open your home page
.
Backspace or Alt + Left Arrow Back a page.

Alt + Right Arrow Forward a page.

F5 Refresh current page, frame, or tab.

F11 Display the current website in full screen mode. Pressing F11 again will exit this mode.

Esc Stop page or download from loading.

Ctrl + (- or +) Zoom in our out of a page '-' will decrease and '+' will increase. Ctrl + 0 will reset back to default.

Ctrl + Shift + Del Open the Clear Data window to quickly clear private data.

Ctrl + D Add a bookmark for the page currently opened.

Ctrl + Shift + O Open the Bookmark manager.

Ctrl + J Display the download window.

Ctrl + K or Ctrl + E Move the cursor to the browser address bar.

Ctrl + N Open New browser window.

Ctrl + Shift + N Open a new window in incognito mode.

Ctrl + P Print current page or frame.

Ctrl + T Opens a new tab.

Ctrl + F4 or Ctrl + W Closes the currently selected tab.

Ctrl + Shift + T Undo the close of a window.

Ctrl + Tab Moves through each of the open tabs.
   
Spacebar Moves down a page at a time.

Shift + Spacebar Moves up a page at a time.

Alt + Down arrow Display all previous text entered in a text box and available options on drop down menu.

මවුස් එකෙන් වැඩ කරන ගමන් කී බෝඩ් ෂෝට් කට් කී වලටත් පුරුදු වුණා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.ස්තුතියි හැමෝටම...............................




Wednesday, July 24, 2013

වික්ටර් රත්නායකයන්ගේ අන්තිම ''ස'' ප්‍රසංගය

මේ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ හුදෙක් ම ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරන අය වෙනුවෙන් මයි.





 විශේෂයෙන් ම ලාංකීය සංගීත ලොව දිදුළන නාමයක් වන වික්ටර් රත්නායකයන්ගේ ''ස'' ප්‍රසංගය ගැන නොදන්න කෙනෙක් අපි අතර නැතිව ඇති. ඒ වුණත් එතුමන් විසින් ''ස'' ප්‍රසංගය සමාප්ත කළ වග ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ අන්තිම ''ස'' ප්‍රසංගය තමයි දැන් ඔයගොල්ලන්ට බලන්න මම දෙන්න හදන්නේ. මේක