Thursday, August 1, 2013
ඔබට නොදැනීම ඔබගේ කම්පියුටර් එකෙනුත් DATA වැය වෙනවාද? මෙන්න විසදුම
අද මම ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට වැදගත් වෙන මෘදුකාංගයක්.මේක ඉතාම වැදගත් වෙන්නේ ඇයි කියලා කිව්වොත් ගොඩක් අය අන්තර්ජාලයට සම්බන්ධ වුණාම අපිට නොදැනීම අපේ DATA වැය වෙලා තියෙනවා. ඒත් අපි දන්නේත් නැහැ කොහොමද පැකේජ්වල ඩේටා භාවිත වුණේ. කොපමණ ප්‍රමාණයක් භාවිත වුණාද කියන එකවත්. ඒක බලන්න කම්පැනි එකට මැසේජ් යව යව ඉන්නත් වෙනවනේ.ඒ වගේ ම අපිට නොදැනීම DATA වැය වෙනවා ද කියන එකත් හොදින් බලාගන්න බැහැ.
නමුත් මම දැන් දෙන්න යන්නේ මේ ගැටලුවට විසදුමක්. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා මේ මෘදුකාංගය.මොකද මේක හරහා අපිට බලාගන්න පුලුවන් අපගේ DATA USAGE එක පරිගණකයෙන්ම. මේ වගේ ගොඩක් මෘදුකාංග සමහරවිට ඔයගොල්ලො භාවිත කරනවාත් ඇති. නමුත් මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනික මේක FREE version එකක් නිසා CRACK කරන්න සීරියල් ගහන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. දිනකට කොපමණ DATA භාවිත කළාද. නැතහොත් මාසයකට කොපමණ භාවිත කළා කියලාත් දැන ගන්න මේකෙන් පුලුවන්.මේකේ අපට අවශ්‍ය දින ගාණට සෙටින්ස් හදාගත්තම හරි.අපිට හැමදේම බලාගන්න පුලුවන්.අනික අපිට අවශ්‍ය නම් මේකේ Portable version එකත් ගන්න පුලුවන්.
Size: 3.2M
එහෙම නම් දැන් මේක ගැන විස්තර කළා ඇති මෙන්න ලින්ක් එක දාගෙනම බලන්නකෝ හොදද කියලා
click here .
Subscribe to:
Post Comments (Atom)
Thanks appu
ReplyDeletePlease add Follower gadget..
ReplyDeleteගොඩක් සතූතියි මචන් (Y)
ReplyDelete